සියළු දේනටම සුභ රත්‍රියක් කියලා පතනවා.... ඹන්න ඉතින් මම අද දවසේ දැන් තමයි (10.30 Pm) ගෙදර අවේ අද අපි ගමේ සියළු දේනම ඒකට ඒකතු වේලා පොසොන් පොය වේනුවේන් දන්සලක් දේනවා හේට දවස පුරම අදට වැඩ නිම කරලා මම අවා ගෙදර... තව කට්ටියක් ඒතන වැඩ උදේ ඉදන්ම හිටියානේ හේට පන්දරම අයේත් යනවා... ඒහේම හොදයි නේ... මම සිංහල “විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්” පොසොන් පොය පිලිබද තොරතුරු වගයක් හොයලා පහලින් දැම්මා... පසල් යන ළමයිට ඒහේම වැදගත් වේයි කියලා හිතනවා....
ඒ ක්‍රි..පූ. තුන් වන සියවසයි. අනුරපුර යුගය, දෙවනපෑතිස් රජ සමයයි.විනෝදය පිණිස මුව දඩයමේ යන රජු මිස්සක පව්ව අසලින් මුවකු පසුපස ලුහු බඳී. මිස්සක පව්ව මත කහ වතින් දිලෙන මිහිඳු මහරහතන් වහන්සේය.
මිස්සක පව්ව
“තිස්ස තිස්ස” පව්ව මතින් නැගෙන ශාන්ත හඬකි. රජු නැවතී හැරී බලයි.
“සමණාමයං මහාරාජ .....”
“මහරජ අපි ඔබට අනුකම්පාවෙන් ජම්බුද්වීපයේ සිට මෙහි පැමිණි බුද්ධ ශ්රාවකයෝ වෙමු.”
රජු අතින් දුනු හී ගිලිහෙයි. මුව පොව්වාගේ දිවි රැකෙයි. අනතුරුව ඉතිහාසයේ අපට හමුවන ප්රථම බුද්ධි පරීක්ෂණය ඇරඹෙයි.
´අඹ පැනය`, ´ඥාති පැනය`......
පුළුල් බුද්ධිමය සංවාදයකි. ධර්මාවබෝධ ඥානයෙන් යුතු රජුගෙන් සාර්ථක පිළිතුරු.
පොසොන් සඳ එළියෙන් අප හෙළ - බොදු ලකුණ හෙළි කරවමින් “සුළු ඇත් පද උවම් සුතුර” හෙවත් “චුල්ල හත්ථි පදෝපම සූත්ර” දෙසුම ඇරඹෙයි.
ඒ රමණීයවූත්, ශාන්තවූත් පිරිත් ස්වරය සිරිලක ජන හදවත් දම් සිසිලෙන් නහවමින් මිස්සක පව්ව මතින් ගලා යයි.
මේ කලය තමයි අපි මහින්දා ගමනය යනුවේන් හදුන්වන්නේ....
මහින්දාගමනයෙන් පසු ලංකාව
එතැන් සිට අපේ සංස්කෘතිය, හැදියාව, අධ්යාපනය, ජීවන ක්රමය, සමාජ රටාව, ආර්ථිකය, පාලන ක්රමය මහත් වූ පෙරළියකට ලක් වෙයි. ක්රමවත් වෙයි. සුචරිත, සදාචාර සම්පන්න පරමාදර්ශී සමාජයක උපත පොසොන් පොහොයත් සමඟ ආරම්භ වෙයි.
මහින්දාගමනය ලක් වැසි ජනතාවගේ භෞතික හා අධ්යාත්මික දිවි පෙවෙත කෙරෙහි අතිශය ප්රබල බලපෑමක් ඇති කළේ ඒ අයුරිනි.
“පොසොන් පොහොය” ශ්රී ලංකාවාසී බෞද්ධයන්ට වෙසක් පොහොය තරම් ම නොඑසේ නම් ඊටත් වැඩි පමණින් වැදගත් වන්නේ එබැවිනි.
ආදි මිනිසා විමුක්තිය අරමුණු කර ගනිමින් විවිධ අදෘශ්යමාන බලවේගයන්ට හා විශ්වාසයන්ට නැඹුරු වුවත් ඉන් ඔවුන් ලත් විමුක්තියක් නොමැත්තේය. සැබෑ විමුක්තිය ළඟා කර ගන්නට නිවැරදි දර්ශනයක් හා පැහැදිලි චින්තනයක් අවැසිය.
මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කරන්නට පෙර යුගයේ ඇදහිලි පිළිබඳව සළකා බලන කල්හි පෙනී යන්නේ නිවැරදි මඟ නොදැන මං මුළාවූ පිරිසක් ලෙසින් මිනිසුන් ගස්, ගල්, ජලය, සඳ, හිරු, සතුන් ආදිය වන්දනා මාන කළ බවයි.
මේ පිරිසට නිවැරදි මාර්ගය පෙන්වමින් සමාජය වඩා යහපත් එකක් කරනු වස් මිහිඳු හිමියන් අප වෙත පෑ දයානුකම්පාව ඉමහත්ය.
පොසොන් සඳ උදාවත් සමඟින් සිදු වූ මිහිඳු හිමියන්ගේ ලංකා ගමනය මෙරට සමාජ පුනරුදයකට සවිමත් අඩිතාලමක් දැමුවේය යන්න අතිශයෝක්තියක් නොවේ.
අදට ඇති නේ හිතේන දේයක් ලියලා යන්න පහලින්.....
No comments:
Post a Comment